බෝසත් මාතා ලෝකයේ ප්‍රථම ONLINE දහම් පාසැල වෙසක් පොහොය දා එළි දකී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවීඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පාසැල්, විශ්වවිද්‍යාල වල ඉගෙන්වීම් කටයුතු online ක්‍රමයට පවත්වාගෙන යෑම සදහා අවධානය යොමු වී තිබෙන පසුබිමක අධ්‍යාත්මික සංවර්ධනය, මිනිසත්බව, ආචාර ධර්ම සහ දහම් දැනුමෙන් දරුවන්ගේ මනස පෝෂණය කිරීම සදහා බෞද්ධයා (The Buddhist) Online සමූහය විසින් online දහම් පාසලක් අරම්භ කිරීම සදහා කටයුතු සංවිධානය කර තිබේ.
මේ සඳහා ගුරුවරයෙකු ලෙස මෙන්ම ශිෂ්‍යයෙකු ලෙස ද ඕනෑම අයෙකුට සම්බන්ධවීමේ හැකියාව පවතින අතර, 0711960890 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවීම මගින් ඒ සදහා ලියාපදිංචි විය හැකි බව බෞද්ධයා සමූහය පවසයි.