නවතම පුවත්

භද්‍රකාලි කෝවිල කොල්ලකා කෝටි 8ක රන් උස්සලා

අසංක

අසංක

මහනුවර , ගාල්තැන්නේ පිහිටි ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලට අද (25) අළුයම් කාලයේ ඇතුළු වූ කල්ලියක්රුපියල් කෝටි 08 කට අධික වටිනාකමක් ඇති රත්තරන් තොගයක් සහ රුපියල් ලක්ෂ විස්සක මුදලක් කොල්ලකා සොරාගෙන ගොස් ඇත.

හය දෙනෙකුගෙන් සමන්විත එම කල්ලිය ඊයේ 24 මධ්‍යම රාත්‍රියේ දේවාලයට ඇතුළුවී ඇති බව එහි සවිකර ඇති ආරක්ෂක කැමරාවල සටහන් වී තිබේ. මෙම කල්ලියම ඉකුත් 21 වෙනිදාද දේවාලයට ඇතුළුවී තිබෙන බවද ආරක්ෂක කැමරා නිරීක්ෂණයේදී පෙනී ගොස් ඇත.

සොරගෙන ඇති රත්තරන්වල බර කිලෝ 08 කට වැඩි බව දේවාලයේ භාරකරුලෙස කටයුතු කරන දේවගැතිවරයා සදහන් කර තිබේ.එම රන් භාන්ඩ එහි පැමිණෙන බැතිමතුන් විසින් පූජාකර ඇති ඒවාය. එම රන්භාණ්ඩ තොගය ආරක්ෂාවට තබා තිබී ඇත්තේ පරිහරණයට නොගෙන වසා දමා ඇති වැසිකිලියකය.

රන් භාණ්ඩ වැසිකිලියේ ඇතැයි දන්නා අයෙක් විසින් එම සොරකම කර ඇතැයි පොලිසිය සදහන් කරයි. ඊයේ මධ්‍යම රාත්‍රිෙය් දේවාලයට ඇතුළු වූ සොරුන් රන්භාණ්ඩ සහ මුදල් සොරාගෙන දේවාල භුමියෙන් පිටව ගොස් ඇත්තේ අද අළුයම 4.00 ට පමණය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්