ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (21) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික සුවිශේෂී ලෙස තවදුරටත් පහළ ගොස් තිබේ.
එහිදී එක් එක් පරිණත කාලයන්ට අදාළව බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන්,
දින 91 – 9.04% සිට 8.76% ක් දක්වා පදනම් අංක 28 කින්,
දින 182 – 9.43% සිට 9.17% ක් දක්වා පදනම් අංක 26 කින් සහ
දින 182 – 9.57% සිට 9.29% ක් දක්වා පදනම් අංක 28 කින වශයෙන් පහළ ගොස් ඇත.
මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.