නවතම පුවත්

“භාරත් කෝ ජානියේ” ජයග්‍රාහකයින්ට සම්මාන !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය තෙවන වරට පැවැත් වූ  2020-21 ‘භාරත් කෝ ජානියේ’ (ඉන්දියාව ගැන දැනගන්න) ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ පළමු වටයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම ඊයේ දින මාර්ග ගත ආකාරයෙන් පැවති  විශේෂ උත්සවයකද සිදුකෙරිණ . වැඩ බලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මැතිතුමා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

2. 2015-16 වර්ෂයේදී ආරම්භ කරන ලද ‘භාරත් කෝ ජානියේ’ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ඉන්දියාව පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීමට ඉන්දීය ඩයස්පෝරාව සහ ඉන්දියාවේ මිතුරන් දිරිගැන්වීම තුළින් ඔවුන් හා ඉන්දියාව අතර තිබෙන සබඳතාවය ශක්තිමත් කිරීමට ඉන්දියානු රජය විසින් ගන්නා ලද වැදගත් පියවරකි. මෙම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන වට 4කින් සමන්විත වන අතර අවසාන ත්‍යාගය වශයෙන් ඉන්දියානු රජයේ අනුග්‍රහයෙන් ඉන්දියානු සංචාරයක් ලබා දේ. විදේශිකයන්ගේ කාණ්ඩය යටතේ ෆාතිමා හිල්මා, කළණි තිලකරත්න සහ කෞශල්‍යා දසනායක, NRI කාණ්ඩය යටතේ ජයන්ත් අගර්වාල්, විකාශ් සිං සහ ඉන්දීය සම්භවයක් සහිත කාණ්ඩය යටතේ නිතිශ් මිශ්රා, තශාලිනි සිවඥානම් සහ දර්ශි ශ්‍රීධරන් යන අය ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් විය. පළමු වටය සඳහා ලොව පුරා රට වලින් ජයග්‍රහණය කළ තරුණ තරුණියන් 163 දෙනාට මෙම පිරිස ද අයත් වේ.

3. වැඩ බලන මහ කොමසාරිස්තුමා ශ්‍රී ලංකාවෙන් තරඟය සඳහා සහභාගී වූ සියලුම තරඟකරුවන්ට සිය ස්තූතිය පළ කළ අතර ජයග්‍රාහකයන්ට සිය සුබ පැතුම් පිරිනැමීය. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින ශක්තිමත් සබඳතා පිළිබඳව ද මහ කොමසාරිස්තුමා මෙහිදී සඳහන් කළේය. මෙවන් වැඩසටහන්, පසුගිය වර්ෂයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුව ද දෙරටෙහි ජනතාව එකට එක් කිරීමට මාහැඟි දායකත්වයක් ලබා දී ඇති බව එතුමා පැවසීය.

4. කොවිඩ් සීමා යටතේ දෙරටෙහි ජනතාව අතර බැඳීම් සහ සංස්කෘතික සබඳතා ඉදිරියට ගෙනයාම සඳහා මහ කොමසාරිස් කාර්යාලය විසින් අපේක්ෂා සහගත සැලැස්මක් සකස් කර ඇති බව ද වැඩ බලන මහ කොමසාරිස්තුමා සඳහන් කළේය. ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානය යටතේ බෞද්ධ බැඳීම් ප්‍රවර්ධනය කිරීම, කුසලතා සංවර්ධනය සහ වෘත්තිකයන් සහ සේවකයන් සඳහා අවස්ථාවන් සහ පහසුකම් සැලසීම, සමුද්‍රීය ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය, සංවර්ධන සහයෝගීතාවය අඛණ්ඩව ඉදිරියට ගෙනයාම, ක්‍රීඩා සහ තරුණ සබඳතා දිරිගැන්වීම සහ චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීම සහ ඉන්දියාවේ කරයිකාල් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය අතර බෝට්ටු සේවාව ඇරඹීම තුළින් සම්බන්ධකතවාය සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කිරීම යනාදිය මෙයට ඇතුළත් වේ.

5. අතත්‍ය අකාරයෙන් පැවති මෙම වැඩසටහනේ දී ත්‍යාගලාභීන් තම අත්දැකීම් බෙදා ගත් අතර ජාත්‍යන්තර ප්‍රශ්න විචාරාත්මක තරඟය සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට ස්තූතිය පළ කළේය. එසේම ඔව්හු ජනතාව අතර සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය ගනු ලබන පියවර අගය කළ අතර ඉන්දියාව, එහි ජනතාව සහ සංස්කෘතිය සඳහා ඔවුන්ගේ දැඩි කැමැත්ත ද ප්‍රකාශ කළෝය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්