නවතම පුවත්

භූගත ජලය දූෂණය වුනොත් නැවත පිරිපහදු කරන්න බැහැ – මහාචාර්ය මෙත්තිකා විතානගේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෘත දේහයක වෛරස පවතින කාලය සම්බන්ධයෙන් මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති තත්ත්වයක අනුගමය කිරීමට ඇති හොඳම සෞඛ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුව ඇති බව කොවිඩ් 19 ආසාදිත දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳව සොයා බලන ඇගයීම් කමිටු සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අවධාරණය කර සිටී .

කොවිඩ් මෘත දේහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දී තිබියදී නැවත නැවතත් මේ ගැන වාද විවාද කරමින් සංදර්ශන කිරීම මේ අවස්ථාවේ සිදුකළ යුත්තක් නොවන බවද ඇය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .
ඒඅනුව  මේ වන විට කොවිඩ් වෛරසය හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ භූමදානය කරනවාද ආදාහනය කරනවාද යන්න තීන්දුව ලැබී ඇති හෙයින් එම නීතියට අනුගතව කටයුතු කළ යුතු බව ඇය පැවසීය

මේ මොහොතේ සිතිය යුත්තේ එංගලන්තයේ නව වෛරස ප්‍රභේදය මෙරටට ඇතුල් වී තිබෙනවාද ? එසේ නම් එය කළමනාකරණය කරගන්නේ කෙසේද? රෝගීන් ව්‍යාප්තිය වැඩිවෙමින් තිබීම මෙන්ම මරණ ගණන වැඩි වෙමින් තිබීම යන කාරණා තුළ පවතින තත්ත්වය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව යැයි ඇය කියා සිටියාය.

එමෙන්ම මෙම කාරණයේදී වෛරසවේදීන්ට තහවුරු කිරීමට හැකි නම් මෘත දේහයක වෛරසය පැවතිය හැකි පැය ගණන මෙපමණයි කියා එවිට එම දත්ත සලකා බලා කමිටුවට හැකි වෙයි ඒ ගැන තීරණයක් ගැනීමට යැයිද ඇය ප්‍රකාශ කරන ලදී.

තවද  මෘත දේහයක වෛරස පවතින කාලය සම්බන්ධයෙන් මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති තත්ත්වයක අනුගමය කිරීමට ඇති හොඳම සෞඛ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බව මහාචාර්යවරිය සඳහන් කළාය.

විශේෂයෙන් භූගත ජලය කිසියම් අවස්ථාවක දුෂිත කළොත් නැවත එය පිරිපහදු කිරීමේ කිසිම අවස්ථාවක් නොමැති බවයි ඇය අවධාරණය කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දී තිබෙන්නේද ඒ මත පිහිටා බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්