නවතම පුවත්

මගේ දේශපාලනය වැටිලත් නෑ රටේ ආර්ථිකය වැටනේන දෙන්නෙත් නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තමාගේ දේශපාලනය වැටී නොමැති බවත්, එසේම, මෙරට ආර්ථිකය වැටෙන්නට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ලබන සැප්තැම්බර්, ඔක්තෝබර් මාස වනවිට රටේ ආර්ථිකය යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින්, සංචාරක පැමිණීම්ද වර්ධනය වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ පෙරේදා (17දා) දින ශ්‍රී ලංකාවේදී මෝටර් රථ එකලස් කිරීම හා නිෂ්පාදනය සිදුකරන වැලිපැන්නේ ඉදි වූ නවතම මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම විවෘත කිරීමේ අවස්ථාව එක්වෙමිනි.

එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ආරම්භ කිරීම අපේ ආර්ථික ප්‍රතිපත්තියේ වැදගත් පියවරක්. මේ රටේ ආර්ථිකය භාරගන්න කොට විශාල ණය කන්දරාවක් ගෙවීමට අපට මුහුණ දෙන්න වුණා. ගෙවන්න බැරි ණයක්. ඇත්තටම මේ ණය ගෙවන මට්ටමට ආර්ථිකය ස්ථාවර කරගැනීමේදී අපේ තීරණය වුණේ, අපනයන නිෂ්පාදන කර්මාන්ත රට තුළට ගෙනඒමයි.

ඒ වගේම, ශ්‍රී ලංකාව තුළ පවතින නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරක්‍ෂා කරගෙන, අපේ නිෂ්පාදන අලෙවි කිරීමයි. අප තැබූ පියවර නිසා මේ වනවිට ශ්‍රී ලංකාව වටා කර්මාන්ත ශාලා ආරම්භ වෙනවා. පවතින කර්මාන්ත ශාලා තවදුරටත් වර්ධය වෙනවා. ජී.එස්.පී. ප්ලස් ඇතුළු සහන සමග යුරෝපා වෙළෙඳ පොළ අපට විවෘත වෙනවා.

ඉන්දියාව සමග සහයෝගයෙන් වැඩකටයුතු කරන නිසා ඉන්දියානු වෙළෙඳ පොළ විවෘත වෙනවා. ඒ වගේම, සිංගප්පූරු වෙළෙඳ පොළ අප ලබාගෙන තිබෙනවා.

මේ වෙළෙඳ පොළවල් විවෘත වෙලා තියෙද්දි, කර්මාන්ත ශාලා ඇති කරමින්, රැකියා බිහිකරමින්, අප ඉදිරියට යන පියවරක් තමයි, දැන් අරගෙන තියෙන්නෙ. ඒ වෙනුවෙන්, මේ රටට එන ආයෝජන තවදුරටත් වර්ධනය කිරීමට, යටිතල පහසුකම් වැඩි කිරීමට වගේම, සංචාරක ව්‍යාපාර සඳහාද ආධාර උපකාර ලබාදෙමින් අප ඉදිරියට යා යුතුයි. ඉතිං අද විවෘත වන මහින්ද්‍රා අයිඩියල් ලංකා කර්මාන්ත ශාලාව නිසා මේ වාහන එකලස් කිරීම පමණක් නොවෙයි, ඊට අවශ්‍ය අමතර කොටස් ගණනාවක්ම ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය වෙනවා.

මේ අමතර කොටස් කර්මාන්ත අනාගතයේදී අපනයන කර්මාන්ත බවට පත්කිරීමට අවශ්‍යයි. මීට යොදා ගැනෙන කැලණිය සියැට් ටයර් දැනටමත් අපනයනය කරනවා. එතනදී, අපේ අදහස මෙවැනි කර්මාන්ත ශාලා ගණනාවක් රට පුරා ඇති කිරීමයි.

ඒ වගේම, කළුතර, බිංගිරිය, හම්බන්තොට, නුවර ආදී වශයෙන් වෙළෙඳ කලාප ඇති කරමින්, අප විශ්වාසයෙන් ඉදිරියට ගමන් කරනවා. මම කිසි අවස්ථාවක මේ ආර්ථිකය කඩා වැටෙන්න ඉඩ දුන්නේ නෑ. කොච්චර ප්‍රශ්න තිබුණත්, මේ අවුරුදු කිහිපයේ කොහොම හරි ඉදිරියට ගියා. පාස්කු ඉරිදා බෝම්බය පිපිරුණු වෙලාවේ මේක වැටෙන්න ඉඩ දුන්නේ නෑ. මොකද, මගේ දේශපාලනය වැටිලා නෑ. ඒ වගේම, මම මේ ආර්ථිකය වැටෙන්න ඉඩ දෙන්නෙත් නෑ. දැන් මාස දෙක තුනකින් ආපහු මේ තත්ත්වය ඇති කරගෙනයි, යන්නේ. සැප්තැම්බර්, ඔක්තෝබර් වනවිට එය සාමාන්‍ය තත්ත්වයට ඒවි. මේ වනවිට සංචාරකයන් යළිත් අප රටට එන්න පටන් ගෙන තිබෙනවා.

අපි අමාරු කාලෙදි තමයි, මේ හැමදේටම මුහුණදී ගෙන ඉදිරියට ගියේ. ණය බරට මුහුණ දුන්නා, විශේෂයෙන් බෝම්බයට මුහුණ දුන්නා, ඒ හැම දෙයකින්ම මේක ආරක්‍ෂා කරගත්තා. දැන් එතැන ඉඳන් ඉදිරියට ගිහින්, ඉදිරි අවුරුදු පහේ, හයේදී අපට උවමනා ප්‍රතිඵල, රැකියා, ආදායම්, දියුණුව අපට ලබාගන්න පුළුවන්. අපි තව පිම්මක් අරන් ඉදිරියට යනවද, නැතිනම් වැටිලා පහළට යනවද කියල අප තීරණය කළ යුතුයි. ඉතිං මම විශ්වාස කළා, අපට මේ පිම්ම අරගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා” යනුවෙන් පවසා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්