නවතම පුවත්

මඟුලටත්-අවමඟුලටත් පළාත් මායිමේ සීමාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

විවාහ උත්සහ සහ අවමංගල්‍ය කටයුතු සඳහා වුවද පළාත් මායිම් උල්ලංඝනය කරමින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව පොලීසිය නිවේදනය කරයි.

විවාහ මංගල අවස්ථාවක දී මනාල යුවළ පළාත් දෙකක සිටීනම් පමණක් එක් පාර්ශවයකට අනෙක් පළාතට ගමන් කිරීමේ හැකියාව ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

එහිදී මනාල යුවළගේ මව්පියන්ට ද ගමන් කිරීමේ හැකියාවක් හිමිවන අතර වෙනත් කිසිදු අයෙකුට පළාත් හරහා ගමන් කිරීමේ අවස්ථාවක් නොමැත.

ළඟම ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා පමණක් අදාළ ලේඛන මඟින් තහවුරු කිරීමකින් පසුව යම් ලිහිල් කිරීමක් සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

උපරිම සංඛ්‍යාව 150කට හෝ අදාළ ස්ථානයේ ධාරිතාවයෙන් සියයට 25ක ප්‍රමාණයකට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර හිමි විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්