කරුවලගස්වැව පෙරයවිල්ලුව වැව් ඉස්මත්තේ අවුරුදු 35ක් පමණ වයසැති වන අලියෙක් මඩේ එරී මියගොස් සිටියදී ඊයේ (02) හමුවී තිබේ.
මෙම වන අලියා අඩි 09ක් පමණ උසැති සතෙක් බව කරුවලගස්වැව පොලීසියේ නිලධාරියෙක් සදහන් කළේය.
අලියා මඩේ එරී ඉදිරිපස වම් පාදය පපු ප්‍රදේශයට සිරවී ඇතිවුණු දැඩි තෙරපීමකින් ස්වසන පද්ධතියේ සිදුවූ අවහිරයකින් මෙම අලි මරණය සිදුව ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු විසින් නිගමනය කළ බව ද පොලීසිය සඳහන් කළේය.
මෙම වන අලියා මඩේ එරී ඇත්තේ පසුගිය 01 වෙනිදා රාත්‍රී කාලයත් 02 වෙනිදා අලුයම් කාලයත් අතර බව පොලීසිය සැකකරයි. අලියාව උදෑසන කාලයේ හමුවන විටත් මියගොස් සිටි බව කරුවලගස්වැව පොලීසියේ උසස් නිලධාරීයෙක් සදහන් කළේය