නවතම පුවත්

නැව් ජොබ් පෙන්වා කෝටි ගණන් මුදල් ගැරූ අයෙක් හසුවෙයි

අසංක

අසංක

මලයාසියාවේ වෙළඳ නෞකාවල නාවිකයන් ලෙස රැකියා ලබාදෙන බව පොරොන්දු වී තරුණයින් 08 දෙනෙකු රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම් හා විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලයේ අරුණගිරි පාරේ පදිංචිකරුවෙක් වන කේ.එස්. තුෂන්තන් (36) නැමැති මෙම සැකකරු කට්ටි පනිමින් කාලයක් තිස්සේ සැඟවී සිටියෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

අත්තිඩිය මන්ත්‍රීමුල්ල පාරේදී මෙම සැකකරු සැඟවී සිටින බවට ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එහි ගොස් මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බවද එම නිලධාරියා කීය.

වෙළඳ නෞකාවල නාවිකයන් ලෙස රැකියා ලබාදෙන බවට පොරොන්දුවී මුදල් ලබාගන්නා මෙම පුද්ගලයා මෙම වංචාවේ නිරතවන්නේ මුදල් ලබාදුන් පුද්ගලයින්ව මලයාසියාවට ද රැගෙන ගොස් වෙනත් රැකියා සඳහා රැගෙන යන පුද්ගලයින්ව යොදවමින් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත්  සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්