මත්කුඩු ගහන මන්ත‍්‍රීලා ගැන හොයන කමිටුවේ අවසන් වාර්තාව හෙට

Picture of අසංක

අසංක

කැබිනට් මණ්ඩලයේ කොකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෙවීමට පත් කරන ලද කමිටුවේ අවසන් වාර්තාව හෙට (25)දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට නියමිතව ඇත.

රන්ජන් රාමානායක අමාත්‍යවරයා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති අතර සියලු කරුණු සලකා බලා මෙම අවසන් වාර්තාව සකස් කර ඇත.

වාර්තාව අග්‍රාමාත්‍යවරයාට භාර දුන් පසු ඔහු විසින් ඒ සම්භන්ධව ඉදිරි පියවර ගනු ඇති බව කමිටු සාමාජිකයකු අප http://thecolomboexpress.com/ වෙබ් අඩවිය වෙත පැවසීය .

පැතුම් වික්‍රමරත්න