මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් හුවමාරු කරන ජේලර්ලා 3 ක් ගැන විමර්ශන

Picture of අසංක

අසංක

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් රුපියල් කෝටි ගණනින් හුවමාරු කරමින් සිටින බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නීති විරෝධී දේපොළ හා වත්කම් විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම මුදල් හුවමාරුව සිදුව ඇති බැංකු ගිණුම් කිහිපයක තොරතුරු ද එම කොට්ඨාශය විසින් හෙළිකර ගෙන එම ගිනුම් වලින් රුපියල් කෝටි දෙක තුන බැගින් මුදල් හුවමාරු වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම බන්ධනාගාර නියාමකවරුන් තිදෙනා ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතය.