නවතම පුවත්

බිම් මට්ටමේ කොවිඩ් මරණ බොහොමයක් සංඛ්‍යාලේඛන වලට ඇතුලත් වන්නේ නැහැ – GMOA

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බිම්මට්ටමේ සිදුවන කොවිඩ් මරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන දත්ත සටහන් වල සඳහන් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .

මේ තත්වය මත සෞඛ්‍ය වෘතිකයින් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බවද එම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,

“‍ඊයෙ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ගෙ සංගමය විසින් ඉතාම නිවැරදිව සහ පැහැදිලිව කියනවා මේ බිම්මට්ටමේ සිදුවන මරණ වලින් සැලකියයුතු ප්‍රමාණයක් සංඛ්‍යාලේඛන විදියට එළියට එන්නෙ නෑ. ඒ හරහා මතුවෙලා තියෙන තත්වය තමයි සෞඛ්‍ය වෘත්තිකයින් දැඩි අපහසුතාවයකට පත්වෙලා තියෙනවා.

දැන් හොඳම උදාහරණය තමයි සාමාන්‍යෙන් ගමක මරණයක් සිද්ධ වුණාට පස්සෙ අවසානෙදි අපි ජාතික මට්ටමෙන් වසංගත රෝග විද්‍යා අංශයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දත්ත ප්‍රකාශ වෙනකොට ඒ ගමේ සිද්ධ වෙච්ච මරණය ඒ දත්ත පත්‍රිකාවට ඇතුළත් වෙන්නෙ නැත්නම් එතකොට ඒක කොවිඩ් මරණයක්ද නැද්ද කියන සැක සංකාව ඒ ඥාතීන් තුළ එනවා. බරපතළ ගැටුම්කාරී තත්වයක් මේ හරහා සමාජය හා සෞඛ්‍ය වෘත්තිකයින් අතර ඇතිවෙන්න පුළුවන් මේ මරණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම හරියට කළේ නැත්නම්”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්