මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල ආසන්නයේ තරු 4 කාණ්ඩයේ හෝටල් දෙකක් ඉදිකිරීම සඳහා ගුවන්තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලට දකුණු පසින් පිහිටි හෙක්ටයාර 15 බැගින් වූ බිම් කොටස් දෙකක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙම හෝටල් දෙක ස්ථාපිත කිරීම සඳහා ආයෝජකයන්ගෙන් යෝජනා ඉල්ලීම් කැඳවීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.
මත්තල රාජපක්‍ෂ ගුවන්තොටුපල පිහිටි හම්බන්තොට ප්‍රදේශය ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන නමුත් දැනට එම ප්‍රදේශයේ හෝටල් කිහිපයක් පමණක් ක්‍රියාත්මක වන බැවින් තරු 4 කාණ්ඩයේ හෝටල් දෙකක් ඉදිකිරීම වාසිදායක බව හඳුනාගෙන ඇතැයි අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වේ.
මීට අමතරව මෙරටට වැඩි සංචාරකයන් ප්‍රමාණයක් ගෙන්වාගැනීම සඳහා ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර ඇත.
එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප්‍රධාන ගුවන් සමාගම්, තෝරාගත් මාර්ගගත සංචාරක නියෝජිතයන්, ප්‍රධාන ජාත්‍යන්තර චාරිකා මෙහෙයවන්නන්, ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ප්‍රචාරණ ආයතන, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන වෙතින් යෝජනා කැඳවීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.