නවතම පුවත්

බොර තෙල් මිල පහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සති දෙකකට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඊයේ (14) සියයට 8කින් පහත වැටිණි.

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල වාර්තා ගත අයුරින් ඉහළ ගිය අතර එය මෙලෙස පහත වැටුණේ සති දෙකකට පසු ය.

රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා නැවත ආරම්භ වී තිබෙන රටවල් දෙක රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළැඹෙන සූදානම් පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය හේතුවෙන් ගෝලීය සැපයුම නැවත වරක් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා පළ වී තිබේ.

බ්‍රෙන්ට් මිල ගණන්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 8.64කින් එනම් සියයට 7.7කින් ඇමෙරිකානු ඩොලර් 104.03ක් දක්වා පහත වැටුණු අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් මිල ගණන්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 8.74කින් එනම් සියයට 8.0කින් ඇමෙරිකානු ඩොලර් 100.59ක් දක්වා පහත වැටිණි.

රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව මේ දක්වා ගෙවුණු කාලයේදී බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් සියයට 34කින් ඉහළ ගොස් ඇත.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ගණන් 2020 වසරේ ජූනි මාසයෙන් දැඩි උච්ඡාවචනයට ලක්වූ දින 30 ලෙස ඉකුත් දින 30 දැක්විය හැකි ය. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්