මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත ලබාදීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බවත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අවධාරණය කර සිටී .
මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් එන්නතෙන් ලබාගත හැකි ප්‍රතිඵල අඩු මට්ටමක පවතින බවත් එම අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ අද (12) පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, එන්නත ලබා ගැනීමෙන් අවම වශයෙන් මාස 6ක් යනතුරු හෝ මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැළකී සිටිය යුතු බවයි.
කොවිඩ් – 19 ශ්වසන පද්ධතියට බලපෑම් කරන රෝගී තත්ත්වයක් බැවින් දුම්පානයට ඇබ්බැහිවූවන් කොවිඩ් – 19 රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක පවතින බව ද සඳහන් වන , අතර , මත්පැන් පානය හේතුවෙන් ශරීරයේ ප්‍රතිශක්තිය බරපතල ලෙස හීන වන බවද සොයාගෙන ඇත .