නවතම පුවත්

මදුමාධව අත්අඩංගුවට ගන්න යයි !

අසංක

අසංක

දම්පත් රණසිංහ

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා සිදුවු ගැටුම්කාරි තත්ත්වයන් සම්බන්ධයෙන් සැකපිට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මදුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව අදාල අත්අඩංගුවට ගැනීම නොබෝදිනකින් සිදුවනු ඇතිබව පොලිස් ආරංචිමාර්ගවලින් ද කළම්බො එක්ස්ප්‍රස් වෙත දැනගැනීමට ලැබිණි.

පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ කළහකාරි සිද්ධීන් වු ස්ථානවල මදුමාධව අරවින්ද මහතා සිටි බවට එල්ලවන චෝදනා සහ ඊට අදාල වීඩියෝවක් සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා සැකපිට මෙසේ මදුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත් අදාල චෝදනාවන් මෙයට පෙර මදුමාධව අරවින්ද මහතා විසින් ප්‍රතික්ෂේපකර තිබු අතර තමන් මිනුවන්ගොඩ ප්‍රදේශය හරහා එම අවස්ථාවේ ගමන් කරමින් සිටියදී විශාල මාර්ග තදබදයක් ඇතිව තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් පමණක් සොයා බැලු බව සදහන් කර තිබිණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්