මධ්‍යම පාන්තිකයින්, අඩු ආදායම් ලාභීන් බවට පත්වෙලා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජය විසින් නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ නොගතහොත් මෙරටේ අඩු ආදායම්ලාභී සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ මධ්‍යම පාන්තිකයන් ද විශාල පිරිසක් මේ වනවිට අඩු ආදායම්ලාභී බවට පත්ව ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපෝන්සු පැවසුවේ.


ආර්ථික අර්බුදය හමුවේ පවතින ජීවන රටාව වෙනස් කරගන්නා අඩු ආදායම්ලාභීන්ට ආදායම් තත්ත්වයන් නිර්මාණය කිරීම සදහා රජය විසින් ක්‍රමවේද සකස් කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


ජනතාවට පෙර පැවති ආර්ථික තත්ත්වයන්ට ළගා වීමට ඇති හැකියාවක් මෙතෙක් දක්නට නොලැබෙන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපෝන්සු වැඩිදුරටත් සදහන් කළේ.