නවතම පුවත්

මධ්‍යම ආදායම්ලාභී පවුල් සහ නව විවාහකයින් වෙනුවෙන් නිවාස ඒකක 3000 ක ඉදිකිරීම් ඇරඹේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මධ්‍යම ආදායම්ලාභී පවුල් සහ නව විවාහකයින් වෙනුවෙන් රටපුරා ඉදිකිරීමට නියමිත නිවාස ඒකක 5000 න් නිවාස ඒකක 3000 ක් ඉදිකිරීමට අදාළ ගිවිසුම දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීම බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවනාගාරයේ දී සිදු කෙරුණි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ  උපදෙස් මත  “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ නිවාස 3000 ක් ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම් අදාළ දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබා දීම මෙහිදී සිදු විය.

 

මෙම කොන්ත්‍රාත් ගිවිසුම් අදාළ දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබා දීම සිදුකෙරුණේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී ය.

 

අඩු ආදායම්ලාභී පවුල්වලට මෙන්ම මධ්‍යම ආදායම් ලබන නිවාස නොමැති පවුල් වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩසටහන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් වේ.

 

ප්‍රථම අදියර යටතේ මධ්‍යම ප්‍රාන්තිකයන් වෙනුවෙන් ඉදිකෙරෙන මෙම නිවාස ඒකක කොළඹ දිස්ත්‍රික්කයේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලfඕ, මාකුඹුර, බොරලැස්ගමුව ප්‍රදේශවලද,

 

ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ, ප්‍රදේශයේ ද මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ යන ප්‍රදේශවල ද ඉදිකිරීමට නියමිතයි.

 

මෙම ව්‍යාපෘතියේ නිවාස ඒකක 3000 සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 කි.

නව යුග දිවියට පිවිසෙන තරුණ තරුණියන්ට නිවසක සිහිනය සැබෑ කර ගැනීමට හැකිවන සේ මෙම නිවාස ඒකක ඉදිකිරීම ද විශේෂත්වයකි.

 

කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රධාන නගර සඳහා සුදුසු ස්ථාන නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුන්ගන්නා ලදී.

 

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන ඔවුන්ගේ රැකියා ස්ථානවලට කෙටි දුරක් ඇතුළත නිවාස ලබා දීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

 

මෙම මහල් නිවාස සංකීර්ණවල ඉදිකෙරෙන නිවාස ඒකක වර්ග අඩි 700 කින් සහ වර්ග අඩි 900 කින් සමන්විත වේ.

 

වර්ග අඩි 700 නිවාස නිදන කාමර දෙකකින් සමන්විත වන අතර වර්ග අඩි 900 නිවාස නිදන කාමර තුනකින් ද සමන්විතයි.

 

මෙම නිවාස ව්‍යාපෘතියේ විකුණුම් මිල තීරණය කිරීම සඳහා ඉඩම්වල මිල ඇතුළත් නොකිරීම ජනතාව වෙනුවෙන් ලබා දෙන විශාල සහනයකි.

 

ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා බදු සහන ලබාදීම මෙන්ම වසර 25 ක කාලය තුළ රජයේ බැංකු විසින් 6.25% ක පොළි අනුපාතයක් යටතේ ගැණුම්කරුවන්ට ණය පහසුකම් ලබාදීම ඇතුළු කරුණු තුළින් මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට සහනදායි මිලකට නිවාස හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවේ.

 

මෙම මහල් නිවාස ඒකක සඳහා සියළු යටිතල පහසුකම් රජය මඟින් ලබා දේ.

 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සමස්ථ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

 

කොන්ත්‍රාත් ගිවිසුම් ලබා දීමේ අවස්ථාවට එක් වූ නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ මෙම නිවාස ඒකක 3000 ඉදිකර කඩිනමින් මහජනතාවට ලබා දීමට අදාළ කොන්ත්‍රාත් සමාගම් කටයුතු කළ යුතු බවයි.

 

ගෙවන මුදලට සරිලන ආකාරයට මෙම කොන්ත්‍රාත් සමාගම් නිවැරදිව කටයුතු කරනවා නම් එම සමාගම්වලට තවත් ඉදිකිරීම් ව්‍යාපෘති ඉදිරියේ දී ලබාදෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

 

නිවාස නොමැති ජනතාවට රජය මැදිහත් වී නිවාස ලබාදෙන බවත් ඊට අමතරව පෞද්ගලික අංශය ද ඒ සඳහා එක්කර ගැනීමට ක්‍රියාකරන බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ ය.

 

මෙම අවස්ථාවට එක් වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ මෙම නිවාස ඒකක නිසි ප්‍රමිතියට සෑදීම තුළින් දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ද කීර්තිනාමයක් හිමිවන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්