නවතම පුවත්

මධ්‍යම කඳුකරයේ ජලාශ වාන්දමයි

අසංක

අසංක

නදීක දයා බණ්ඩාර – මහනුවර 

පසුගිය දිනවල දිවයිනට ඇද හැලුණු මහ වැසි සමඟ මධ්‍යම කදුකරයේ විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව වාන් මට්ටමට ආසන්න වී තිබේ.

වික්ටෝරියා සහ රන්දෙණිගල ජලාශ සිය උපරිම ජල ධාරිතාවයෙන් සියයට අනූව දක්වා ධාරිතාවයක් දක්වා ඉහළ නැග තිබේ. ඒ අනුව ඝන මීටර් මිලියන හත්සිය විසි දෙකක උපරිම ධාරිතාවයෙන් යුතු වික්ටෝරියා ජලාශය මේ වන විට සිය සක්‍රීය ජල ධාරිතාවය සියයට අනූව දක්වා ඉහළ නැග ඇත.

රන්දෙණිගල ජලාශය 89.5% දක්වා ඉහළ නැඟ තිබෙන අතර කොත්මලේ ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සමස්ථ ජල ධාරිතාවයෙන් සියයට 83කි.

මහවැලි ජලාශ පද්ධතියට අයත් රන්ටැඹේ සහ බෝවතැන්න ජලාශ 67% සහ 54% වශයෙන් ජල ධාරිතාව වැඩිවී ඇති අතර මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව 99% දක්වා ඉහළ නැග ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දත්ත සදහන් කරයි.

කැලණි ජලාශ පද්ධතියට අයත් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශයන් ද වලව ජලාශ පද්ධතියට අයත් සමනල වැව සහ උඩවලව ජලාශයන්ගේ ද ජල මට්ටම් සැලකිය යුතු පරිදි ඉහළ ගොස් ඇතැයි ද ශ්‍රී ලංකා මහවැලි අධිකාරි දත්ත සදහන් කරයි. 

ඡායාරූපය – වික්ටොරියා ජලාශයේ ජල ධාරිතාව ඉහළ නැග ඇති අයුරු 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්