මධ්‍යම පළාතේ රාජ්‍ය සේවා කොමිසම මෛත‍්‍රී විසුරුවයි

Picture of අසංක

අසංක

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර ඇත.

පසුගිය කාලයේ පළාත් රාජ්‍ය සේවා කොමිසම ගත් තීරණ හේතුවෙන් මේ ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සඳහන්කර සිටී.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමට නව සාමාජිකයින් පත් කිරීම සතියක් ඇතුළත සිදු කරන බව ද ආණ්ඩුකාරවරයා පැවසුවේ ය.

පැතුම් වික්‍රමරත්න