රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මධ්‍යම පාන්තික ආදායම්ලාභී සේවකයින් සඳහා නව නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.
මෙම මධ්‍යම පාන්තිකයින්ගේ ආදායමට දැරිය හැකි නිවාස ලබා දීමට හැකි වන පරිදි මෙම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙ.
මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද මේ වනවිට ලැබී ඇත
ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සලසා ගැනීම සඳහා වසර 05 ක කාලයක් සඳහා වලංගු රුපියල් බිලියන 25ක ණයකර නිකුතුවක් සිදු කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.