නවතම පුවත්

මධ්‍යසාර-එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය තහනම් කෙරේ

අසංක

අසංක

මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ද ජනාධිපතිවරයා විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කර ඇත.

දේශීය ගොවීන් කහ සහ බඩඉරිඟු වගාව ඉතා සාර්ථකව පුළුල් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනපති මාධ්‍ය ඒකකය පවසයි.

ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙලීම ආසන්නව පවතින බවත් ගොවීන්ට සාධාරණ මිලක් හිමිවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

වෙළෙඳුන් තොග රැස් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට රජය පූර්ණව මැදිහත්විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

2021 සහ 2022 මාස් කන්න සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් බීජ රැස් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ජනපති අවධාරණය කරයි.

කූට ව්‍යාපාරිකයින් නීති විරෝධී ලෙස ආනයනය කරන කහ තොග විනාශ කරන්නැයි හෙතෙම නියෝග කර තිබේ.

අක්‍රමිකතාවන්හි නිරත වන ව්‍යාපාරිකයනට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට උපදෙස් දි ඇත.

කහ, බඩඉරිඟු මෙන්ම කව්පී, උඳු, මුංඇට, තල, කුරහන් ආදී ධාන්‍ය තොග රැස් කරන්නන්ට ණය දීම වෙනුවට පුළුල් වෙළෙඳපොළක් සහතික කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ව්‍යාපාරිකයන් හඳුනා ගනිමින් ණය මුදල්වලට සරිලන භාණ්ඩ තොග තොරතුරු පවත්වා ගන්නා ලෙස බැංකුවලට උපදෙස් දෙනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුව සිය අධීක්ෂණ කාර්යයන් සංවර්ධන මූල්‍ය සම්පාදනයට යොමු කළ යුතු බවද රාජපක්ෂ මහතා විසින් දැනුම් දී තිබේ.

එමෙන්ම සේනා දළඹු උවදුර වැනි කෘමීන්ගෙන් වන හානි වළක්වා ගැනීමට අවධානයෙන් සිටින ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්