මධුමාධව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණඩායම් කිහිපයක් යයි

Picture of අසංක

අසංක

ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණඩායම් කිහිපයක් ගොස් තිබේ.

ඔහු යනෙන සහ නැවතී සිටින ස්ථාන වෙත පොලීසිය ගොස් තිබුණද ඔහු ඒ කිසිඳු ස්ථානයක නොසිටි බව පොලීසිය පැවැසීය.

ප්‍රකාශයක් ලබාගැනීමට ඊයේ සහ පෙරේදා දිනයන්හි පොලීසිය හමුවේ පෙනීසිටින්නැයි මධුමාධව අරවින්ද මහතාට දන්වා තිබුණද ඔහු පැමිණ තිබුණේ නැත.

පසුගිය 13 වැනිදා මිනුවන්ගොඩ දී සිදුවූ කළහකාරී සිදුවීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය තීරණය කර තිබේ.