මධුෂ්ගේ ඔත්තුවෙන් නිමල් ලංසා අත්අඩංගුවට ගන්න CID සූදානම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාකදුරේ මධුෂ් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හෙලිදරව් කල තොරතුරු ඔස්සේ අත්අඩංගුවට ගැනීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන නිමල් ලංසා බව පොලිසියේ ඉහළම නිළධාරියෙක් thecolomboexpress අපට සදහන් කරා.

පොලිස් මූලස්ථානයෙන් වාර්තා වෙන ආකාරය මාකදුරේ මධුෂ් නිමල් ලංසා සම්බන්ධයෙන් සුවිශේෂි අනාවරණයක් සිදුකර ඇතිබවත් වැඩි දුරටත් වාර්තා වේ ඒ අනුව ඉදිරි දින කීපය තුල නිමල් ලංසා අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

මේ පිලිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කතානායකවරයා දැනුවත් කිරිමට පියවර ගන්නා බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.