මධූෂ් අත්අඩංගුවට ගැනීමේ ප්‍රධාන මහ මොළකරු වන්නේ ඩුබායි හී සිටින මොරීන් නැමැත්තා බව අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.
මධුෂ් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලුම තොරතුරු ආරක්ෂක අංශ වෙතට ලබාදී ඇත්තේ මොරීන් බව පැවසේ.
පසුගිය වසරේ දෙවුන්දරදී පොලිසියෙන් කියා පැමිණ මොරින්ට අයත් කුඩු කිලෝ 128 රැගෙන ගොස් ඇත්තේ මධුෂ්ගේ කල්ලියයි.
එලෙසම මොරීන් යටතේ තිබූ කුඩු ඒකාධිකාරය සහ ඔහුගේ බලකොටුව තමන් යටත ගෙන පාලනය කර ඇත්තේ මාකදුරේ මධුෂ් බැවින් මොරින්ට තිබූ ප්‍රභලම හිසරදය අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය හා ඩුබායි පොලිසිය මාර්ගයෙන් මධුෂ් අත්අඩංගුවට ගැනීමට සහය ලබා දී ඇතිබව සදහන්වේ.
එලෙසම මේ අත්අඩංගුවට ගත් පිරිස අතර ලංකාවේ ජනප්‍රියම ගායිකාවකගේ තරුණ දියණිද සිටින බව සදහන් වේ.
අමල් පෙරේරාගේ පුතුට ඉතා සමීප සම්බන්ධතාවයක් ඇති එම තරුණ දියණියද පෙරේදා මෙසේ අත්අඩංගුවට පත්වී ඇති බව සදහන් වේ.
මෙලෙස අත්අඩංගුවට පත්වූවන් දැනට හදුනාගනු ලබන්නේ ඩුබායි සිට එවන ලද ඡායාරූප කිහිපයකිනි.
අත්අඩංගුවට පත්වූ කාන්තා පාර්ශ්වයේ ඡායාරූප තවම ලැබී නොමැති බැවින් එහි සිටින්නන්ගේ නම් පිළිබද මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැත.
ගයාන් කුමාර වීරසිංහ