නවතම පුවත්

මන්ත්‍රි 60කට සති දෙකක තහනමක් !

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාර්ලිමේන්තුවේදී පසුගිය නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවලදී ඇති වූ ගැටුම්වලදී මන්ත්‍රීවරුන් 60 දෙනෙක් පාර්ලිමේන්තු බලතළ හා වරප්‍රසාද පනතේ සඳහන් වැරදි සිදු කර ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව අවධාරණය කර ඇත.
ඒ අනුව මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව ස්ථාවර නියෝග 77 අනුව පියවරගත යුතු බව කමිටුව නිර්දේශ කර ඇත.

සති දෙකත් සති හතරත් අතර කාලයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම ස්ථාවර නියෝගයේ ඇතුළත් වේ.

මෙම වාර්තාවේ නම්සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 55 දෙනෙකුම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර එක්සත් ජාතික පක්ෂයේ 04 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් අයෙකු ඇතුළත් වේ.

ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම, රන්ජන් රාමනායක, චන්දිම ගමගේ හා තුෂාර ඉදුනිල් අමරසේන යන මන්ත්‍රිවරුන් සිව්දෙනෙකු ද පාර්ලිමේන්තු වරප්‍රසාද පනත උල්ලංඝණය කර ඇත.

එහි නම් සඳහන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන්නේ,

එස්.බී.දිසානායක
ආනන්ද අලුත්ගමගේ
ප්‍රසන්න රණවීර
පියල් නිශාන්ත
පද්ම උදයශාන්ත
ඩිලාන් පෙරේරා
දිනේෂ් ගුණවර්ධන
ලොහාන් රත්වත්තේ
ජයන්ත සමරවීර
රෝහිත අබේගුණවර්ධන
තිලංග සුමතිපාල
ජොන්ස්ටන් ප්‍රනාන්දු
දිලුම් අමුණුගම
ඉන්දික අනුරුද්ධ
සිසිර ජයකොඩි
කංචන විජේසේකර
පියංකර ජයරත්න
සුසන්ත පුංචිනිළමේ
පවිත්‍රා වන්නිආරච්චි
මහින්දානන්ද අලුත්ගමගේ
රංජිත් සොයියා
එස්.එම්.චන්ද්‍රසේන
ඩී.වී.චානක
අරුන්දික ප්‍රනාන්දු
ඩලස් අලහප්පෙරුම
විමලවීර දිසානායක
ෂෙහාන් සේමසිංහ
තේනුක විදානගමගේ
අනුරාධ ජයරත්න
සාරතී දුෂ්මන්ත
සනත් නිශාන්ත
කනක හේරත්
උදය ගම්මන්පිළ
තාරානාත් බස්නායක
විමල් වීරවංශ
නිමල් ලංසා
සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ
ජනක බණ්ඩාර තෙන්නකෝන්
රමේෂ් පතිරණ
විජිත බේරුගොඩ
මොහාන් ද සිල්වා
රොෂාන් රණසිංහ
නිශාන්ත මුතුහෙට්ටිගම
ප්‍රේමලාල් ජයසේකර
ඩුලිප් විජේසේකර
වාසුදේව නානායක්කාර
සී.බී.රත්නායක
ටී.බී.ඒකනායක
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
තාරක බාලසූරිය
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
ජානක වක්කුඹුර
බන්දුල ගුණවර්ධන
එස්.ප්‍රේමරත්න
සාලින්ද දිසානායක යන මහත්වරුන් ය. වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්