නවතම පුවත්

මන්ත්‍රීලාට වාහන ගෙන්වීමේ සූදානමක්

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන ගෙන්වීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ පෙරේදා  පැවති පක්ෂ නායක රැස්වීමේ දී මේ බව සාකච්ඡා කළ නමුත් තීරණයක් නොගත් බවය.

කොවිඩ් තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය අර්බුදයකට යොමුව ඇති මොහොතක මන්ත්‍රීවරුන්ගේ වාහන ආනයනය අත්හිටුවන ලෙස ඉල්ලා සිටින ලද්දේ මන්ත්‍රී කණ්ඩායම විසින්ම ය. එසේ වුවද රට දැන් කොවිඩ් පාලනය කර වේගවත් සංවර්ධනයකට පියමනින මොහොතේ ඒ පිළිබඳ සළකාබැලීමට අගමැති සමඟ ඊයේ පැවති හමුවේදී සාකච්ඡා වූ බව හෙතෙම කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා, “කලින් වතාවේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්නන්න හදපු අවස්ථාවේ මන්ත්‍රීවරුන්ම ඉල්ලා සිටියා මේක රටේ තත්ත්වය එක්ක කල් දමන්න කියලා. ඒක කරන්න එපා රජයට වාහන ගෙන්වන එක කල් දාන්න කියලා. මොකද මේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය උඩ එහෙම දෙයක් කරන්න එපා කියලා. නමුත් ඊයේ නැවත ඒ ගැන කතා වුණා ඒ ඉල්ලීම නැවත සලකා බලන්න. දැන් කාලය එළඹෙමින් තියෙනවා කියන කාරණය ගැන විතරක් කතා වුණා නමුත් එහිදී තීන්දුවක් තීරණයක් ගැනීමක් වුණේ නෑ “

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්