පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා covid ආසාදිතයකු බවට හඳුනා ගැනීමත් සමග ඔහු ඇසුරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත.
ආසාදිත මන්ත්‍රීවරුන්ගේ ආශ්රිත මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය තවදුරටත් හඳුනා ගනිමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
මේ සමස්ත පාරලිමේන්තුව විෂබීජහරණයට ද ලක් කර ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන අයට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මේ වන විට කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගණන 3කි.