පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත උපදෙස් දී තිබේ.
ඒ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2019 ජනාධිපතිවරණයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල මන්නාරමේ සිට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අරමුදල් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංගනය කිරීම යන චෝදනා මතය.