මන්ත්‍රී වියාලේන්ද්‍රන් ඇතුළු 4කට නොතීසි

Picture of අසංක

අසංක

මඩකළපුව ඊයේ උද්ඝෝෂණ්‍යට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකුට ලබන 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසී නිකුත් කර තිබේ.

මඩකළපුව ප්‍රදේශයේ සුසාන භූමියක් අසලදී උද්ඝෝෂණයක් කොට මඩකළපුව-ත්‍රිණාමලය මාර්ගය අවහිර කරමින් ද කල්ලඩි පාලම අවහිර කරමින් ද උද්ඝෝෂණ පැවැත්විණි.

මඩකළපුව සියෝන් දේවස්ථානයට පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන ලද ත්‍රස්තයා වන මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද්ගේ ශරීර කොටස් භූමදාන කිරීමට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණේ මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

ඒ අනුව පසුගිය 26 වැනිදින ඒවා මඩකළපුව කල්ලියන්කාඩු සුසාන භූමියේ භූමදාන කර තිබුණි.

එහි ත්‍රස්තවාදියාගේ සිරුරු කොටස් භූමදානය කිරීමට විරෝධය පළකරමින් ඊයේ මෙම විරෝධතාව පැවැත්විණි.