මන්නාරම් සමූහ මිනීවලේ සම්පූර්ණ වාර්තාව අමෙරිකාවෙන් ලංකාවට

Picture of අසංක

අසංක

මන්නාරම් සමූහ මිනීවලේ ඇටසැකිළි කාබන් පරීක්ෂණය ‌‌‌‌වෙනුවෙන් ලබාගත් සාම්පල හයටම අදාළ සම්පූර්ණ සත්‍ය වාර්තාව අමෙරිකාවේ සිට මන්නාරම් අධිකරණය ‌වෙත ඒවා තිබේ.

මන්නාරම් සමූහ මිනීව‌ෙලෙන් කාල නිර්ණය සදහා ලබාගත් සාම්පල හයෙන් පහත වාර්තාව අමෙරිකාවේ ෆ්ලොරිඩාහි පිහිටි බීටා ඇනලිටික් නමැති රසායනාගාරයේ සිට ඒවා තිබුණ ද අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කිරීම මන්නාරම් මහේස්ත්‍රාත් වී. සර්වනරාජ් මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ් අදාළ ල හයෙහිම සම්පූර්ණ වාර්තාව මන්නාරම් අධිකරණයට ලැබීමෙන් පසුව ඒම වාර්තාව ප්‍රකාශයට පත්කරන බව පැවසීමෙනි.

අදාළ සම්පූර්ණ සත්‍ය වාර්තාව ඊයේ සවස වනවිට අමෙරිකාවේ සිට ඒවා ඇති බවත් මන්නාරම් අධිකරණයෙන් අදාළ වාර්තාව විවෘත කළ පසුව තමන් ද ඒම වාර්තාව විවෘත කරන බවත් සමූහ මිනීවලේ කැණීම් භාරව සිටින අධිකරණ විශේෂඥ ‌‌‌වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතාා පැවැසීය.

ඉෂාර රත්නකාර