නවතම පුවත්

මන්නාරම කිතුණු සුරුවම් හානි කිරීම ගැන පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශනයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

මන්නාරම නගරයේ පිහිටා ඇති කිතුණු සුරුවම් කිහිපයකට හානි සිදුකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.

පොලිසිය පැවසුවේ මීට දින කිහිපයකට පෙරද එම ප්‍රදේශයේ පිහිටි දේව ප්‍රතිමාවකට එලෙස පහරදීමක් සිදුකර තිබූ බවත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදුකරන බවත් ය.

මන්නාරම කොටුව සහ මන්නාරම බයල් වීදිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේව ප්‍රතිමා තුනකට පෙරේදා (14) අලුයම ගල් ප්‍රහාර එල්ලකර තිබු අතර දේව ප්‍රතිමාවල තිබූ වීදුරු ආවරණ එම ගල් ප්‍රහාරවලින් කැඩි ගොස් තිබේ.

ප්‍රහාර එල්ලකළ පිරිස් පළාගොස් තිබූ හෙයින් ඔවුන් පිළිබඳව කිසිදු සාක්ෂියන් සොයාගැනීමට නොහැකි වී ඇතිබව පොලීසිය පැවසීය.

මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ මෙවැනි දේ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්