නවතම පුවත්

‘මම්මූටි’ ලංකාවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය සුපිරි සිනමා නළු ‘මම්මූටි’ චිත්‍රපට රූගත කිරීමක් සඳහා එළඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත .

මුහම්මද් කුට්ටි පනාපරම්බිල් ඉස්මයිල් හෙවත් මම්මූටි මලයාලම් සිනමාවේ සුපිරි තරුව ලෙස හැඳින්වෙන අතර මෙරට සිනමා රසික රසිකාවියන් අතරද ඔහු අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකි .

මෙම චිත්‍රපටය කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකම රූගත කෙරෙන අතර ඒ සඳහා මම්මූටි ලබන සතියේ දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සංචරණය මෙම චිත්‍රපටයේ නිෂ්පාදනයට අවශ්‍ය සහයෝගය ලබා දෙන අතර සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා සංචාරක තානාපති සනත් ජයසූරිය ද මම්මූටි හමුවී සාකච්ජා කිරීමට නියමිතය .

සුපිරි නළු මම්මූටි මේ වන විට ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයේ දශක 5ක් සාර්ථකව සම්පූර්ණ කර ඇති අතර ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට 400කට පමණ දායක වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්