නවතම පුවත්

මම අධිකණයට ඉදිරිපත් වෙනවා රටින් පිටවුනේ අධිකරණය දැනුම් දී – නිශ්ශංක සේනාධිපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇවන්ඩ්ගාඩ් ප්‍රධානි නිශ්ශංක සේනාධිපති මහතා අත්අඩංගුවට ගැනීමට පසුගියදා අධිකරණය නියෝග කලා ඒ අනුව මාධ්‍ය වාර්තා කලේ සේනාධිපති මහතා ලංකාවෙන් පැනගොස් ඇති බවයි. මේ සමබ්න්ධයෙන් ඔහු facebook පේජයේ සටහනක් තබා තබෙනවා. ඒ සටහන පහතින්.

  • නිශ්ශංක සේනාධිපති වන මා පන්නරය ලැබුවේත්, මාගේ ජීවිතය හැඩ ගස්වා ගනු ලැබුවේත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ සෙබළකු ලෙස මා ලැබූ පුහුණුව තුළිනි. මගේ පරමාදර්ශ පාඨය වන්නේ කමන්ඩෝ බළකා පාඨය වන “කළ නොහැක්කක් නොමැත” යන්නයි.
  • මා හට සිදුකර ඇති ශල්‍යකර්මයක් හේතුකොටගෙන මීට වසර 3 1/2 කාලයක පමණ සිට ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් වලට අනුව ජර්මනියේ සහ සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී. ඒ අනුව මා හට ලැබුණු වෛද්‍ය උපදෙස් මත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මීට දින තුනකට පෙර සිංගප්පූරුව බලා පැමිණියේ ශ්‍රී ලංකා අධිකරණයට දැනුම්දීමෙන්ද අනතුරුවයි. මා කිසිදිනක නීතිය මඟ හැරීමට හෝ නීතියෙන් පැන යාමට හෝ නීතිය නැවීමට කටයුතු නොකළ අතර ඉදිරියට ද එසේ නොකරන බව මා ශ්‍රී ලාංකීය ජනතාවට දැනුම් දෙමි.
  • මා රජය සමඟ එක්ව බද්ධ ව්‍යාපාර සිදුකර මෙම රටට විශාල විදේශ විනිමයක් උපයා දී ඉන් 40% ක්(රුපියල් මිලියන 4000 ක්) පමණ කොටසක් රාජ්‍ය භාගය ලෙස පැවති සියලු රජයන් වෙත ගෙවා ඇත. මා කිසිදිනක ශ්‍රී ලාංකීය ජනතාවගේ බදු මුදල් සතයක් හෝ මාගේ ව්‍යාපාර සඳහා යොදාගෙන නොමැත. මගේ වියාපාර තනිකර රඳා පැවතුනේ විදේශ විනිමය මත පමණි.
  • ඇවන්ගාඩ් නෞකාවේ තිබූ සියලුම අවි ආයුධ ශ්‍රී ලංකා රජයේ මධ්‍යම අවි ගබඩාවෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් මිලදී ගත් අවි ආයුධ බවට රක්නා ආරක්ෂක ලංකා සමාගම ලිඛිතව අධිකරණය වෙත දැනුම්දී තිබියදීත්(අදාල මිලදී ගැනීම් වෙනුවෙන් රජයේ මධ්‍යම අවි ගබඩාවෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත නිකුත් කරන ලද කුවිතාන්සි පවා ඉදිරිපත් කර තිබියදීත්), යහපාලන රජයේ දෙවන ආරක්ෂක ලේකම්වරයා වන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් මෙම සියලූ අවි රතු මුහුදේ සිට ගාලු වරාය වෙත නීත්‍යානුකූලව ප්‍රවාහනය කිරීමට අවසර ලබාදී තිබියදීත්, මෙම සියලු සත්‍යය යට ගසමින් වෙනත් හස්තයන් විසින් මෙම ව්‍යාපාරය සහ මෙම ආයුධ නීත්‍යානුකූල නොවන බව ප්‍රකාශ කරමින් මා අත්අඩංගුවට ගැනීමට කටයුතු සංවිධානය කර ඇත.
  • මම නිශ්ශංකසේනාධිපතිය. මා අද වන තුරු සියලු ක්‍රියාකාරකම් සිදුකර ඇත්තේ මාගේ නමට අගෞරවයක් නොවන ලෙසටය මින් ඉදිරියටත් මා එසේම කටයුතු කරමි. මා සිංගප්පූරුවේ සිටින විටදී, මා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කර ඇති බව සමාජ මාධ්‍ය තුළින් සහ ශ්‍රී ලංකාවේ සිටින මාගේ මිතුරන් මාර්ගයෙන් මා හට දැනගන්නට ලැබිණි.
  • මෙම අත්අඩංගුවට ගැනීමේ නිවේදනය දැනගත් විට, මගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු අවසන් වූ වහාම ලංකාවට පැමිණ අධිකරණයට ඉදිරිපත් වීමට තීරණය කළෙමි.
  • ජනතාවගේ බදු මුදල් සොරකම් කර අද වන තුරු අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින අර්ජුන මහේන්ද්‍රන් වැනි රාජ නිලධාරීන් මෙන් මා තවත් රටකට ගොස් සැඟ වන්නේ නැත මක්නිසාදයත් සැඟවීමට වරදක් මා සිදු කර නොමැති බැවිනි.
  • ගරු අධිකරණය කෙරෙහි පමණක් මා තවමත් විශ්වාස කරමි. මෙම නෞකාවේ තිබූ අවි 816 ශ්‍රී ලංකා රජයේ මධ්‍යම අවි ගබඩාවෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත මිලදී ගත් ආකාරයත්, රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් එම අවි සමුද්‍ර ආරක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීම පිණිස නීත්‍යානුකූලව ඇවන්ගාඩ් නෞකාව වෙත ලබාදුන් ආකාරයත්, එම අවි රක්නා අාරක්ෂක ලංකා සමාගම සමග එක්ව සමුද්‍ර ආරක්ෂණ කටයුතු සඳහා යොදා ගත් ආකාරයත්, එමගින් ලැබූ ආදායම ඇවන්ගාඩ් ආයතනය සහ රජය අතර බෙදා ගත් ආකාරයත්, නැවත එම අවි රජය වෙත භාර දීම පිණිස රජයේ අවසරය මත රතු මුහුදේ සිට ගාලු වරාය වෙත ප්‍රවාහනය කළ ආකාරයත් යන සියලු කරුණු ඔප්පු කිරීමට ලිඛිත සාක්ෂි මා සතුව ඇත.
  • රණවිරුවනි, විශ්‍රාමික රණවිරුවනි, ඔබගේ, ඔබගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ සටනට මා සමඟ එක්වන්න. මාගේ ශක්තිය ඔබයි.

නිශ්ශංක සේනාධිපති වන මා පන්නරය ලැබුවේත්, මාගේ ජීවිතය හැඩ ගස්වා ගනු ලැබුවේත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ සෙබළකු ලෙස…

Publiée par Nissanka Senadhipathi sur Samedi 6 juillet 2019
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්