නවතම පුවත්

‘හෙට දවසේත් රට වෙනුවෙන් ඔබ හා එක්වනවා’ – ජනපති අවසන් වරට ජාතිය අමතමින් කියයි

අසංක

අසංක

“සමහරු කියනවා මම කඩුව එළියට ගත්තා විතරයි පාවිච්චි කළේ නෑ කියලා. නෑ මම කඩුව පාවිච්චි කළා. මම මගේ අගමැති අයින් කළා. තවත් අගමැතිවරයෙක් පත්කළා. පාර්ලිමේන්තුව විසුරුවා හරින ගැසට් 5ක් මා නිකුත් කළා. රටම ආන්දෝලනයට කතාබහට තුඩුදෙන දේ මා කළා. පාතාල මර්දනයට මා දැඩි තීන්දු ගත්තා.” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය තුළ අවසාන වරට ජාතිය අමතමින් පවසයි.

මේ වනවිට පැවැත්වෙන එම ප්‍රකාශය ඔස්සේ ජනාධිපතිවරයා පහත අදහස් ද පළකර සිටියි.

“මගේ නිල කාලය තුළ ඔබ මෙන්ම මමත් මුහුණ දුන් වඩාත් වේදනාකාරී සිදුවීම පාස්කු ප්‍රහාරයයි. පාස්කු ප්‍රහාරය පැහැදිලි ලෙසම වළක්වා ගැනීමට හැකියාව තිබූ සිද්ධියක්. ඒ ගැන ඊට වඩා මම කතාකරන්න කැමති නෑ.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම මා උපරිම අයුරින් සිදුකළා. මා ඇති කළ අසීමිත ප්‍රජාතාන්ත්‍රික නිදහස පාරා වළල්ලක් වී මටම මඩ ප්‍රචාර ආදියෙන් ආවා. කිසිදු දේශපාලන පළිගැනීමක්, මිනිස් ඝාතනයක් ආදි කිසිවක් සිදුවුණේ නෑ. ආණ්ඩුවේ දේශපාලන පලිගැනීම් හෝ වෙනත් වෛර පිරිමහගන්න කිසිවකුට තුවක්කුවක් පත්තුවුණේ නෑ.

හෙට දවසේ ජයගන්න අපිට අභියෝග කිහිපයක් තිබෙනවා.  ජීවත්වීමට බිය සැක සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. මම තමාගේම රජයේ වජචා හොයන්න අධිකරණ බලය තිබෙන කොමිශන් සභාවක් පත්කළා. මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණනය ගැන අවසන් වාර්තාව හෙට දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි මම අපේක්ෂා කරනවා.

හෙට අලුත් ජනාධිපතිවරයෙක් පත්වේවි. තම අමාත්‍ය මණ්ඩලයට දූෂණයෙන් තොර අමාත්‍ය මණ්ඩලයක් පත්කරගැනීමේ අභියෝගය ඔහුට තිබෙනවා. මෙතරම් සාමකාමී මැතිවරණයක් පවත්වන්න පුළුවන් වුණේ මා නිර්පාක්ෂික වීම නිසා යැයි මා විශ්වාස කරනවා. 2015 ජනාධිපතිවරණය හා අද ජනාධිපතිවරණය අතර වෙනස කොතරම් ද. ඒ දෙක අතර මේ මැතිවරණය කදිම මාපකයක්.

මා ලබාදුන් අසීමිත මාධ්‍ය නිදහස තවත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාමට පත්වන ජනාධිපතිවරයාට වගකීමක් තිබෙනවා. යුගයට අවශ්‍ය පරිදි මත්ද්‍රව්‍ය ව්‍යාපාරය වළක්වන්න, වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙළ, දරුවන් රකිමු ජාතික වැඩපිළිවෙළ ආදිය මා කළාටත් වඩා ශක්තිමත් ලෙස නව ජනාධිපතිවරයා ක්‍රියා කරයි කියලා මා විශ්වාස කරනවා.

මේ කියන සියලු කරුණු වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත් ආදිය රාජ්‍ය සේවයේ වැටපට වඩා මහත් කැපවීමෙන් කටයුතු කළා. ඒ වගේම රාජ්‍ය සේවයත් එහෙමයි.

මගේ පාලන කාලය තුළ කුමන අභියෝග හමුවේ වුවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ගොඩනැගීමට මම කටයුතු කළා. ආණ්ඩුව තුළ මහා ගැටුම් මතුවූ අවස්ථාවලදී පසුබිම මොකක්ද? මේ රටට නොගැළපෙන අන්ත නව ලිබරල්වාදය හා මා ගරු කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් ස්වදේශවාදී චින්තනයත් නිසයි ඒ ගැටුම ඇතිවුණේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අවශ්‍යතාවයි රටකට වඩා වැදගත් වෙන්නේ. මා 100%ක් සියල්ල ඉටුකළා කියලා මම කියන්නේ නෑ. මා හිතන්නේ නෑ කාටවත් එලෙස කළහැකි යැයි කියා.

කිසියම් අයෙක් මගෙන් ඇහුවොත් ඔබේ පාලන කාලය ගැන සතුටු වෙන්නේ ද කියලා. මම කියනවා ඔව් මම සතුටුවෙනවා තෘප්තිමත් වෙනවා සෑහීමකට පත්වෙනවා කියා. මා ජනතාවට ලබාදුන් බොහෝ දේ සාක්කුවට බඩට, ඇගට දැනෙන්නේ නෑ.

නව ජනාධිපතිවරයාට අවංකව රට වෙනුවෙන් සියලු දේ යහපත්ව කරන්න ශක්තිය ලැබේවායි ආශිර්වාද කරනවා. අද මා ජනපති ධුරයෙන් සමුගත්තත් මගේ නිල කාලය අවසන් වී මව්බිම, මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ අනන්‍යතාව මා විසින් කළ යුතු සියලු කැපවීම් මා හෙට දවසෙත් කිරීමට අදිටන් කරගෙන තිබෙනවා. සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් හෙට දවසේත් තිබිය යුතුයි. ලෝකයේ විහිෂ්ට ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීම සදහා මම හෙට දවසේත් ඔබ හා එක්වෙනවා. ඔබට දළදා සමිදු පිහිටයි. තෙරුවන් සරණයි. “

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්