බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් නමැති අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවි
දු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනකු තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් මාර්තු 12 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අද තීරණය කළේ ය.
අදාළ අභියාචනා පෙත්සම් සිසිර ද ආබෲ පි‍්‍රයන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබී ය.
තමන්ට කොළඹ මහාධිකරණය මගින් පැනවූ මරණ ද
ඩුවම නීතියට පටහැන බැවින් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනා මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
ඉෂාර රත්නකාර