මරණ දඬුවම ගැන ජනපති අපේක්ෂකයන්ට ජනපතිගෙන් කොන්දේසියක්

Picture of අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුවත් මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදෙන බවට ප්‍රතිඥාවක් ලබා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හෙතෙම පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන බවටත් ජනපති අපේක්ෂකයා විසින් ප්‍රතිඥා දිය යුතු බවයි.

පොළොන්නරුවේ අද පැවැති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.