මරු කැදවූ කතුරු ඔන්චිල්ලාව නිසා නයිවල ළමා උද්‍යානය වසා දැමේ

Picture of අසංක

අසංක

කතුරු ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් කාන්තාවක සහ ඇගේ දියණිය මියයාමේ සිද්ධියට අදාළ වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානය තාවකාලිකව තහනම් කරන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අශෝකා පතිරණ මහත්මිය නියෝග කර තිබේ.

අදාළ සිද්ධිය වූ ස්ථානයට පොලීසිය සමග මහේස්ත්‍රාත්වරිය ගොස් සිදුකළ මූලික පරීක්ෂණයෙන් අනතුරුව අදාල නියෝගය නිකුත් කර ඇත.

මෙම සිද්ධියට අදාළ පුද්ගලයන් නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය වේයන්ගොඩ පොලීසියට නියෝග කළාය.

නිදහස් ‌දිනය යෙදුණු ඊයේ සවස ඉහත ළමා උද්‍යානයේ කතුරු ඔන්චිල්ලාවක් පදිමින් සිටියදී එය කඩාවැටීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ දිස්නා ජානකී (47) නමැත්තියක සහ ඇයගේ දියණිය වන 13 වියැති රශ්මි අරලිය යන අයයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ළමා උද්‍යානයේ කළ මනාකරු ඇතුළු පුද්ගලයන් පිරිසක් පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ඉෂාර රත්නකාර