නවතම පුවත්

මසක් ඇතුලත,ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය ආයතන 150ක් වැසී යයි ! – AMCA

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කරගැනීමෙන් පසු ගතවූ මාසයක පමණ කාලසීමාවේදී එරට මාධ්‍ය ආයතන 153 ක් පමණ වැසී ගොස් ඇතැයි වාර්තාවේ .
තලේබාන් පාලනය යටතේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන වෙත එල්ලවන පීඩා හා බලපෑම් හේතුවෙන් මෙසේ එරට මාධ්‍ය ආයතන රැසක් වැසී යමින් අතු බවටද තොරතුරු වාර්තාවන බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (AMCA ) සඳහන් කර සිටී .
එසේම එරට  ජනමාධ්‍යවේදීන් 6000 කට අධික පිරිසක් මේ වනවිට  තලේබාන් සංවිධානය විසින් රදවාගෙන සිටින බවටද තොරතුරු වාර්තා වන බව එම සංගමය පවසයි .
මීට අමතරව තවත් ජනමාධ්‍යවේදීන් දහස් ගණනක් මේ වනවිට  ජීවිතාරක්ෂාව සදහා සැගවී සිටින බවට ද එරට මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන හරහා  තොරතුරු ලැබී ඇතැයි එම සංගමය සඳහන් කර සිටී .

මෙහිදී කාන්තා ජනමාධ්‍යවේදිනියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් ඔවුන් රැකියා අහිමිවීම මෙන්ම ආරක්ෂාව පිළිබද ගැටලුවලින්ද පීඩා විදින බවත් වාර්තාවේ .

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තලේබාන් සංවිධානයේ  විවිධ බලපෑම්, වධහිංසා පැමිණවීම් සහ ඝාතන හරහා ජනමාධ්‍යවේදීන්ගේ මූලික මානව අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කර ඇති බවය. ඒ බව ජාත්‍යන්තර නිරීක්ෂණ  වාර්තා රැසකින්ද මේ වනවිට තහවුරු වී ඇති බවත් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය පවසයි .

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා