මහඡන්දය පැවැත්විය හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මෙතෙක් කොමිසමට දන්වා නෑ

Picture of අසංක

අසංක

මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබෙන බවට මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මැතිවරණ කොමිසමට ලිඛිත දැනුම් දැනුම්දීමක් කර නැති බව කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ජනාධිපති ලේකම්වරයාට මැතිවරණය පැවැත්වීමේ හැකියාව ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් මගින් දන්වා ඇතැයි කොමිසම දැනගත්තේද අධිකරණයට ජනාධිපති ලේකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ දැනුම් දීමෙන් බවද ඔහු පැවසීය.

මැතිවරණ පවත්වන්නේ ජනාධිපති ලේකම්වරයා නොව මැතිවරණ කොමිසම බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම දැනුම්දීම ලැබිය යුත්තේ කොමිසමට බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම මෙතෙක් සඳහන් කර නැති බවත් covid 19 හේතුවෙන් හේතුවෙන් මැතිවරණ පවත්වන්නේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.