නවතම පුවත්

මෙක්සිකෝවේ දිනක් තුල වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලතින් ඇමෙරිකානු කලාපයේ මෙක්සිකෝවෙහි ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 479ක් වාර්තා කර ඇති අතර, එය රට තුළ වසංගතය පැතිර යාමෙන් පසුව එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව බව කියයි.

එමෙන්ම සිකුරාදා දිනයේදී නව කොරෝනා ආසාදිතයන් 2,960ක්ද වාර්තා වී තිබේ. මේ සමග මෙක්සිකොවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 62,527ක් හා වෛරසය ආශ්‍රිත සමස්ත මරණ 6,989ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙක්සිකෝවේ කොවිඩ් -19 වෛරසය හා සම්බන්ධ දරුණුතම සතිය මෙයයි. පසුගිය දින හත තුළ වාර්තා වූ මරණ, රටේ සමස්ත නිල මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ නියෝජනය කරන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මෙක්සිකෝවේ පළමු වැනි කොරෝනා වෛරසය ආශ්‍රිත මරණය වාර්තා වූයේ මීට මාස දෙකකට පෙර එනම් මාර්තු 18දාය. මේ අතර, පසුගිය සතිය තුළ රටේ තහවුරු වූ සමස්ත ආසාදිත අගය 40%කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්