මහඡන්දෙට එජාපය අලියාගෙන්

Picture of අසංක

අසංක

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සියලුම දිස්ත්‍රික් සඳහා අලියා ලකුණින් තරග කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව ලිඛිතව කොමිසමට ඒ බව දැනුම් දී ඇත.

එම ලිපියේ දැක්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම, අලියා ලකුණ යටතේ තරග කිරීමට නියමිත ය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානය සිරිකොත අසල පිහිටි වෙනත් ස්ථානයක සිට මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිතය.