කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයේ වැටලීමකදී ටී 56 ගිනි අවි තුනක් සහ AK47 වර්ගයේ ගිනි අවියක් සමග පසුගිය මහමැතිවරණයේ ප්‍රධාන පක්ෂයක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකුගේ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
මෙම ගිනි අවි ගල්කිස්ස ප්‍රදේශයේ සිට රැගෙන විත් ඉහත ස්ථානයේ රඳවා තැබීමට සහාය දුන් පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 49, 37 වයස වයස්වල පසුවන රත්මලාන පදිංචිකරුවන් ය. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.