නවතම පුවත්

වෛද්‍ය ජයරුවන් MRI අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කෙරේ

අසංක

අසංක

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.

මේ වන විට පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ එම ඉවත් කිරීම දේශපාලන බලපෑමකින් තොරව, පරිපාලනමය තීන්දුවක් මත සිදුවූවක් බවයි.

මෙම ඉවත් කිරීමට හේතුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරියේ දී සවිස්තරව කරුණු දක්වනු ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා කීය.

රට තුළ මතුවූ covid-19 වසංගත තත්ත්වය පිළිබඳ තොරතුරු බොහොමයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද්දේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසිනි.

මීට පෙර එම කාර්‍ය්ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ඉදිරිපත් කළ අතර ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත්වීමෙන් අනතුරුව එම තනතුරු තවමත් පුරප්පාඩුව පවතී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්