ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක ආඥා පනත ප්රකාරවයි. ඒ අනුව එම ආඥා පනතේ 12 වන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සියලු සාමාජිකයින් කැඳවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රයේ සිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීම සඳහා අද අලුයම ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කෙරුණා. ඊට ත්රිවිධ හමුදාව, පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව සිටියා. ඒ අනුව එම ඒකාබද්ධ මෙහෙයුමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි අරගලකරුවන් ඉන් ඉවත් කර එහි පාලනය ආරක්ෂක අංශ යටතට ගෙන තිබෙනවා.