මහජන සෞඛ්‍ය සේවා කඩාවැටීමේ අවදානමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මහජන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම පහසුකම් හෝ සැලසීමට බලධාරීන් පියවර ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කරන ලදි.

පවතින අර්බුධකාරී තත්ත්වයන් හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන් බිදවැටෙමින් පවතින බවත් මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී සෞඛ්‍ය ගැටළු රැසක් මතුවිය හැකි බවද වැඩිදුරටත් පැවසීය.