මහනුවර අදත් හෙල්ලෙයි

Picture of අසංක

අසංක

මහනුවර, දිගන ප්‍රදේශයේ අද පෙරවරුවේ සුළු කම්පන තත්ත්වයක් සිදු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

එම කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ ඒකක 2.0 ක් පමණ වේ.

අද පෙරවරු 9.28 ට පමණ එම කම්පන තත්ත්වය සිදුව ඇත.

එය පල්ලේකැලේ භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සටහන් වී ඇත.

මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.