මහනුවර දළදා වීදියේ රාත්‍රි සැණකෙළිය නවතයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා දැඩි කතාබහට ලක්වූ මහනුවර දළදා වීදිය හා පෙරහැර මාර්ගයේ පැවැත්වූ රාත්‍රී විදී සැණකෙළිය ගැන අද පාර්ලිමේන්තුවේදී කතබහට ලක්වුනා පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ උදයශාන්ත ගුණසේකර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාද මේ ගැන දැඩි අප්‍රසදායක් පලකරමින් අදහස් ප්‍රකාශ කල අතර අද නැවත පාර්ලිමේනතුවේදී සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාගෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු එ.ජා.ප මන්ත්‍රී එම්. වේළුකුමාර් කල විමසීමකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් ප්‍රකාශ කලා,

තමන් මහනුවර දළදා වීදියේ මස් පුච්චමින් පවත්වන නයිට් බසාර් වසාදමන ලෙස තමන් මහනුවර නගරාධිපතිවරයාට උපදෙස් දුන් බව පැවසුවා.
දළදා වීදියේ නයිට්  බසාර් පැවැත්වීම ගැන මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ද අප්‍රසාදය පළ කර තිබූ බව ඇමතිවරයා සඳහන් කළේය.
 
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී පැවසුවේ තමාට ද මේ ගැන පැමිණිලි ලැබී තිබූ බවයි.