නවතම පුවත්

මේක දෙවියන් දෙන අවස්ථාවක් නෙමෙයි – ක‍්‍රීඩකයන් අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නේ නැහැ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නවක ක‍්‍රීඩකයන්ට කොතරම් අවස්ථාව දුන්නද ඔවුන් එයින් නිසි ප‍්‍රයෝජන නොගන්නා බව එක්දින නායක ලසිත් මාලිංග පවසයි. දකුණු අප‍්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 113 ක පරාජයක් ලැබීමෙන් පසුව ඔහු මෙම අදහස් පළ කර සිටියේය.
 
‘මට තියෙන ප‍්‍රශ්නය ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ දේශීය තරගාවලිය නියෝජනය කරලා දක්ෂතා දක්වලා. අපිට දෙවියෝ දෙන දෙයක් නෙමෙයි මේක. මහන්සියෙන් ලබා ගන්න දේට කොච්චර වටිනාකමක් තියෙනවද කියලා දන්නවද දන්නෙ නැහැ.’ යැයි මාලිංග පවසයි.
 
වර්තමානයේ ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට එක්වූ ක‍්‍රීඩකයන් දක්ෂතා දක්වන ආකාරය ගැන මාලිංග කනගාටුවට පත්ව සිටියි. ‘‘මෑත කාලයේදී ක‍්‍රීඩකයන් ලැබුණ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්ත බව පේන්නෙ නැහැ. මීට කලින් මෙහෙම අවස්ථා කාටවත් ලැබිලා නැහැ. ඒ කාලයේ අවස්ථාව ලැබුණ කට්ටිය පෙන්නලා තියෙනවා ඔවුන්ට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. නමුත් දැන් එහෙම නැහැ. මම අවුරුදු 14 ක් ජාතික කණ්ඩායම නියෝජනය කළ නිසා පසුගිය කාලයේ දේවල් හොඳින් දන්නවා.’
 
පිතිකරුවන් රාජකාරිය ඉටු කළ යුත්තේ කුමන ආකාරයටද යන්න ඔහු තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවසීය. ‘ආරම්භයක් කියන්නෙ ලකුණු 30 ක් ගහන එක නෙමෙයි. එහෙම ගැහුව්වට මට සතුටු වෙන්න බැහැ. අංක හත වෙනකම් ජයග‍්‍රහණය කරා රැගෙන යන්න පුළුවන් පිතිකරුවන් ඉන්න ඕන.’’
 
දකුණු අප‍්‍රිකානු පිතිකරුවන් ලකුණු 251 ක් ලබා ගත්තද ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 32.2 කදී සියල්ල දැවී ලබාගත හැකිවූයේ ලකුණු 138 ක් පමණි. අවසන් කඩුලූ හතරම ලකුණු හතරක් තුළදී දැවී ගියේය. ඕෂධ ප‍්‍රනාන්දු පමණක් පන්දු 45 කදී ලකුණු 31 ක්ද කුසල් මෙන්ඩිස් පන්දු 45 කින් ලකුණු 24 ක්ද ලබා ගත් අතර තිසර පෙරේරා පන්දු 23 කදී ලකුණු 23 ක් රැුස් කළේය. ඒ හැරුණු කොට ශ‍්‍රී ලංකා පිතිකරුවන් යළිත් අසාර්ථක ලැයිස්තුවට වැටුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්