නවතම පුවත්

මහපාරේ යකා නැටූ SDIG ට මාරුවක්

Roshan

Roshan


දම්පත් රණසිංහ

සබරගමුව පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් සුබසාධන හා වෛද්‍ය අංශයේ ප්‍රධානියා ලෙසට ස්ථාන මාරුවීමක් ලබාදී තිබේ.

ඒ ඔහු පසුගියදා රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයෙකුට පහරදෙමින් පොලීසියට අපකීර්තියක් ඇතිවන ආකාරයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

එම ස්ථාන මාරුවත් සමග පුරප්පාඩුවන සබරගමුව පළාත්භාර පොලිස් ප්‍රධානී තනතුරේ වැඩ ආවරණය කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ දැනට සේවයේ නිරතව සිටින නිලධාරීන් අතරින් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ මහින්ද ගුණරත්න මහතාය.

ඔහුගේ බිරිද ද නියෝජ්‍ය පොලිස්පතිනියක් වන අතර මහින්ද ගුණරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්කරන ලෙසට පොලිස්පතිවරයාගේ නිර්දේශයක් ඉකුත් සතියේ මහජන ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකරද තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්